“ජ්‍යෙෂ්ඨයින් නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම සැහැල්ලුවට ගන්න එපා” : BCB අධක්ෂ

Date:

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් නොමැතිව නම් කර ඇති ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සැහැල්ලුවට නොගන්නා ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ කලෙඩ් මහ්මුද් සුජොන් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 23 වනදා සිට බංග්ලාදේශයේ දී එරටට එරෙහිව එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ්මුද් සුජොන් පසුගියදා මේ බව සදහන් කළා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය ජය ගැනීම සදහා ශක්තිමත් තරගකරුවෙකු බවයි ඔහුගේ අදහස වී ඇත්තේ.

“කුමන කණ්ඩායමක් එයාලා එව්වත් ශ්‍රී ලංකාව ගොඩක් ශක්තිමත් කණ්ඩායමක් වේවි. අපිට අපේ රටේ පැවැත්වෙන තරගාවලියක් ජය ගන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපි මෑතකදී පසුබැසීමක් පෙන්නුම් කළා. නමුත් මේක තමයි අපි කැමතිම තරග රටාව. මම තවමත් අපේක්ෂා කරනවා අපි හොදින් ක්‍රීඩා කරලා තරගාවලිය ජය ගනියි කියලා.” යනුවෙන් මහ්මුද් සුජොන් සදහන් කළා.

ALSO READ : කුසල්ට නායකත්වය – ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නිවේදනය කෙරේ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...