කුසල්ට නායකත්වය – ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(12) දහවල් තහවුරු කළා.

ඒ, එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරමින්.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකත්වය හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.

අප මීට පෙර වාර්තා කළ පරිදි එක්දින කණ්ඩායමේ මෙතෙක් නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

මෙතෙක් එක්දින වරම් දිනා නොමැති වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සහ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු ද සංචිතයට නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 16 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

පළමු එක්දින තරගය මැයි 23 වනදා පැවැත්වෙන්නේ ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

Kusal Janith Perera (C), Kusal Mendis (VC), Danushka Gunathilaka, Dhananjaya De Silva, Pathum Nissanka, Dasun Shanaka, Ashen Bandara, Wanindu Hasaranga, Isuru Udana, Akila Dananjaya, Niroshan Dickwella, Dushmantha Chameera, Ramesh Mendis, Asitha Fernando, Lakshan Sandakan, Chamika Karunaratne, Binura Fernando, Shiran Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...