නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම කඩුලු රකින්නා ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

Date:

නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම කඩුලු රකින්නා ලෙස සැලකිය හැකි බී.ජේ.වොට්ලින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන එංගලන්ත තරග සංචාරයෙන් අනතුරුව තමා ක්‍රිකට් පිටියට සමු දෙන බවයි ඔහු සදහන් කළේ.

මෙම සංචාරයේ දී ඉන්දියාවට එරෙහිව නවසීලන්ත කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට මෙන්ම එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔහු එම සියලු තරග සදහා ක්‍රීඩා කළහොත් නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට කඩුලු රකින්නෙකු ලෙස ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත වනු ඇති.

මේ වන විටත් ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් පිටියේ දී වාර්තා රැසක් පිහිටුවා තිබෙනවා.

ඒ අතරට, කඩුලු රකින්නෙකු ලෙස වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (3381) වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩකයා, කඩුලු රකින්නෙකු ලෙස වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවක් (257) සිදු කළ නවසීලන්ත ක්‍රීඩකයා යන වාර්තා ද ඇතුළත්.

එමෙන්ම නවසීලන්ත ටෙස්ට් කඩුලු රකින්නෙකු ලෙස වැඩිම ශතක සංඛ්‍යාවක් (7) මෙන්ම ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් (205) වාර්තා කර ඇත්තේ ද ඔහුයි.

“මේකයි හරිම වේලාව. නවසීලන්තය නියෝජනය කිරීමට ලැබීම විශාල ගෞරවයක්, විශේෂයෙන් ටෙස්ට් තරග” යනුවෙන් වොට්ලින් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් සදහන් කළා.

නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 73කට ක්‍රීඩා කර ඇති ඔහු මේ වන විට ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3,773ක්.

ශතක 8ක් සහ අර්ධ ශතක 19ක් ටෙස්ට් පිටියේ දී වාර්තා කර ඇති බී.ජේ.වොට්ලින්ගේ ඉනිමක සාමාන්‍ය 38.11ක්.

උඩ පන්දු 259ක් (කඩුලු රකින්නෙකු ලෙස සහ පන්දු රකින්නෙකු ලෙස) රැක ගෙන ඇති ඔහු ස්ටම්ප් කිරීම් 8කින් ද ප්‍රතිවාදී පිතිකරුවන් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

ටෙස්ට් තරගවලට අමතරව බී.ජේ.වොට්ලින් එක්දින තරග 28කදී සහ 20යි 20 තරග 5කදී නවසීන්තය නියෝජනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...