එංගලන්තයට කෝටි 446ක පාඩුවක්

Date:

පසුගිය මූල්‍ය වර්ෂයේ දී තම ආයතනයට පවුම් මිලියන 16.1ක (රුපියල් කෝටි 446ක පමණ) මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, පවතින කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

පවුම් මිලියන 6.5ක ලාභයක් 2019 වසරේ දී එරට ක්‍රිකට් ආයතනය ලබා තිබූ පසුබිමකයි මෙම පාඩුව සිදුව ඇත්තේ.

ක්‍රිකට් ආයතනයේ ආදායම පවුම් මිලියන 207 දක්වා පවුම් මිලියන 21කින් පහත වැටී ඇති බව සදහන්.

“ද හන්ඩ්‍රඩ්” හෙවත් ඉනිමකට පන්දු සියයක් බැගින් වන නව තරගාවලියේ ආරම්භය කල් දැමීමට සිදු වීම මෙන්ම ජෛව ආරක්ෂිත බුබුලු තුළ ක්‍රිකට් තරග සංවිධාන කිරීමට සිදු වීම ආදායම පහත වැටීමට හේතු වූ කරුණු අතරට ඇතුළත්.

සැලසුම් කළ ආයෝජන නතර කිරීම මෙන්ම සේවා කාර්යය මණ්ඩලය අවම කිරීමට ද එංගලන්ත ක්‍රිකට් ආයතනය මීට පෙර තීරණය කළේ සිය වියදම අවම කර ගැනීමේ අරමුණින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...