ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය නායකත්වයට තුන්කොන් සටනක්

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරීම සදහා මේ වන විට තුන්කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක විරාට් කෝලි සහ උප නායක රෝහිට් ෂර්මා එංගලන්ත ටෙස්ට් තරග සංචාරයට එක්වීමට නියමිතව සිටීම හේතුවෙන්.

එංගලන්ත සංචාරය නිසා ඔවුන් දෙදෙනා ඇතුළු ඉන්දීය ටෙස්ට් ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා සංචාරයට ක්‍රීඩා නොකරනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 බැගින් වන එක්දින සහ 20යි 20 තරගාවලියන්හී දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමිවන්නේ කාටද?

ඒ සදහා මේ වන විට ක්‍රීඩකයින් තිදෙනෙකු අතර සටනක් නිර්මාණය වී ඇති අතර, එහි ඉදිරියෙන්ම පසුවන්නේ ෂ්රෙයස් අයියර්.

කෙසේ වෙතත්, ඔහු මේ වන විට ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඇතැම් විට ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරය ද අහිමි විය හැකියි.

ඔහුට තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් පමණක් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ආරම්භක පිතිකරු ශිකර් දවාන්ට හෝ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට හිමි වනු ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු උපුටා දක්වමින් පී.ටී.අයි පුවත් සේවය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරග තුන ජූලි 13, 16 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරග ජූලි 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සියලු තරග ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

ALSO READ : T 20 පහ තුනට බසියි, ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...