කොරෝනා හදා ගත්තොත් ඉන්දීය ක්‍රීඩකයින්ට වැඩ වරදියි

Date:

ඉන්දීය නායක විරාට් කෝලි ඇතුළු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරසයට එරෙහි එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට ලබා ගෙන තිබෙනවා.

දීපක් චහාර් සහ සිද්ධාර්ත් කෝවුල් ද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චෙටස්වර් පුජාරා හා ඉෂාන්ට් ෂර්මා ඊයේ දිනයේ දී එන්නත් ලබා ගත්තා.

පසුගිය සතියේ දී උමේෂ් යාදෙව්, අජින්කෙයා රහානේ මෙන්ම ශිකර් දවාන් ද එන්නත් ලබා ගෙන තිබුණා.

ඉන්දීය කණ්ඩායමට මීළගට යෙදී ඇත්තේ එංගලන්ත තරග සංචාරයයි.

එහිදී නවසීලන්තයට එරෙහිව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට මෙන්ම එංගලන්තයට එරෙහිව තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියකට ද ඉන්දියාව එක් වනු ඇති.

ඒ අතරතුර ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ද තරග සංචාරයකට එක් වීමට නියමිතයි.

මේ අතර, එංගලන්ත තරග සංචාරයට පෙර සියලු ක්‍රීඩකයින් තම තමන්ගේ ආරක්ෂාව පිළිබද වැඩි අවධානයක් යොමු කර ගන්නා ලෙසට එරට ක්‍රිකට් ආයතනය සියලු ක්‍රීඩකයින්ට දැනුම් දී තිබෙනවා.

යම් ක්‍රීඩකයෙකු අවසන් මොහොතේ කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගැණුනොත් එම ක්‍රීඩකයාට එංගලන්ත සංචාරය අහිමි වන බවයි ක්‍රිකට් බළධාරීන් සදහන් කර ඇත්තේ.

එවැනි ක්‍රීඩකයින්ට සුව වීමෙන් පසුව හෝ එංගලන්තය බලා පිටත්ව යාමට වෙනත් විශේෂ ගුවන් යානා සැපයීමක් සිදු නොකරන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...