දිමුත්ගේ ඉවත් කිරීම ගැන හිටපු ක්‍රීඩා ඇමති අසතුට පළ කරයි – දිමුත්ගෙනුත් ප්‍රකාශයක්

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට ගෙන ඇති බව කියන තීරණය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය අසතුට පල කර තිබෙනවා.

“මට හිතෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු වැරැද්දක් කරනවා.” යනුවෙන් ඔහු කියා සිටියා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

“මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවේ. නමුත් කණ්ඩායම සහ තරගය රදවා ගන්න, ක්‍රීඩකයින් එක්ව තබා ගැනීමට කණ්ඩායමට නැංගුරමක් අවශ්‍යයි”

මේ අතර, දිමුත් කරුණාරත්න ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේ  “මට සහයෝගය දුන් සැමට ස්තූතියි” යනුවෙනි.

මීට පෙර ද තමාට එක්දින කණ්ඩායමේ ස්ථානය සහ නායකත්වය අහිමි වන බවට දිමුත් විසින් මේ ආකාරයෙන් ඉගි පළ කර තිබුණා.

ඒ, බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී යි.

“බලමු කොහොම වෙයිද දන්නේ නෑ තාම කණ්ඩායම තෝරලා නැහැ. ඉතිං අවස්ථාවක් හම්බුණොත් හොදින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙනවා” යනුවෙන් දිමුත් කරුණාරත්න එහිදී සදහන් කළා.

දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමෙන් සහ නායකත්වයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇති බවට මෙලෙස විවිධ තොරතුරු වාර්තා වී තිබූ නමුත්,  ඒ සම්බන්ධයෙන් සහ එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...