කොහොම වෙයිද දන්නෑ, අවස්ථාවක් ලැබුණොත් එක්දින තරගාවලියේ හොදින් ක්‍රීඩා කරනවා : දිමුත්

Date:

එළඹෙන බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වුවහොත් තමා එම තරගාවලියේ දී ද හොදින් දක්ෂතා දැක්වීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

එක්දින කණ්ඩායමේ නායකත්වය ද මේ දක්වා දිමුත් විසින් දරනු ලැබූ නමුත්, වාර්තා වන ආකාරයට ඔහු ඇතුළු ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉදිරියේ දී එක්දින කණ්ඩායමට තෝරා නොගැනීමටයි තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇත්තේ.

“බලමු කොහොම වෙයිද දන්නේ නෑ තාම කණ්ඩායම තෝරලා නැහැ. ඉතිං අවස්ථාවක් හම්බුණොත් හොදින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙනවා” යනුවෙන් දිමුත් කරුණාරත්න සදහන් කළා.

ඒ, බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්.

දෙවැනි ටෙස්ට් තරගයේ දී ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙන් සුවිශේෂී සේවයක් කණ්ඩායම වෙනුවෙන් ඉටු කළ බවයි මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් දිමුත් වැඩිදුරටත් සදහන් කළේ.

“කණ්ඩායමේ අත්දැකීම් ක්‍රීඩකයින් නැති වෙලාවෙ ඒ දෙන්න ඇවිල්ලා අත්දැකීම් තියෙන ක්‍රීඩකයින් දෙන්නෙක් වගේ කණ්ඩායමට එයාලගෙන් වෙන්න ඕනෙ දේ කරලා දුන්නා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. රමේෂ් තව පොඩ්ඩක් දියුණු කර ගන්න ඕනෙ එයාගෙ ලයින් ඇන්ඩ් ලෙන්ත් එක ගැන වගේම පීඩනය දෙන්නෙ කොහොමද කියන එක ගැන. ප්‍රවීන්නම් එයාගෙ ජොබ් එක සියයට සියයක් හොදටම කරා. පළමු පෙල තරග 10කට වඩා ගහලා තියෙනවා වගේ තමයි එයාගෙ අත්දැකීම් තිබ්බෙ”

“මම හිතන්නේ ආයිත් අපිට ටෙස්ට් තරගාවලියක් තියෙන්නේ නොවැම්බර් මාසේ.ඒ වෙනකොට ගොඩක් හොද ටීම් එකක් හදාගෙන ඉන්න ඕනෙ. හැමෝටම අපි ආදේශක ක්‍රීඩකයෙක් තියාගෙන ඉන්නවා. අපි දැක්ක ඇඹුල්දෙණිය ආබාධයකට ලක්වුණ ගමන් අපිට ප්‍රවීන් හිටියා. ප්‍රවීන් තරග 10යි පළමුපෙල ක්‍රීඩා කරලා තිබ්බෙ. A ටීම් තරගයක්වත් ක්‍රීඩා කරලා තිබ්බේ නෑ. රමේෂ්ගෙ දෙවැනි ටෙස්ට් තරගය. ඉතිං මම හිතන්නේ ඒ වෙද්දී අපි ඒගොල්ලන්ව හොදට සූදානම් කරලා තියන්න ඕනෙ. රමේෂ්ට, ප්‍රවීන්ට, ඇඹුල්දෙණියට සාපේක්ෂව තව අපි දග පන්දු යවන්නන් වගේම සුරංග වෙනුවට ආදේශකයක්, ඒවගේ අපි හැමෝටම ආදේශකයක් හදලා තියාගන්න ඕනෙ. නැත්නම් එකපාරට ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුණොත් අපිට හරි අමාරුයි ක්‍රීඩකයෙක්ව ඇතුල් කර ගන්න”

ක්‍රීඩකයින්ගේ මානසික තත්ත්වය දියුණු කර ගැනීම වෙනුවෙන් පුහුණුකරු මිකී ආතර්ගෙන් ඉහළ සහායක් ලැබෙන බව ද දිමුත් කරුණාරත්න සදහන් කර සිටියා.

ALSO READ : ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල්ට හිමි වන ලකුණු

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...