කොරෝනා චෙන්නායි කණ්ඩායම ඇතුළටත් රිංගයි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු එල්. බලාජිට සහ සේවා කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද(3) පැවැත්වීමට නියමිතව තිබූ කොල්කටා – බැංගලෝර් තරගය ද කල් දැමීමට කටයුතු කර තිබූ පසුබිමකයි.

ජෛව ආරක්ෂිත බුබුලක සිටියදී චෙන්නායි කණ්ඩායමට සම්බන්ධ අදාළ සාමාජිකයින් දෙදෙනාට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් අණාවරණය වී නැහැ.

ඔවුන් දෙදෙනා දින 10ක කාලයක් කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටත හුදෙකලා කර තැබීමට නියමිත අතර, යළි කණ්ඩායම හා එක්වීමටනම් ඔවුන්ට වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත් වීමට සිදු වනවා.

පසුගිය සෙනසුරාදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සදහා ද එල්. බලාජි සහභාගී වී තිබුණා.

මේ අතර, චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරී Kasi Viswanathan ට ද වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හදුනා ගෙන තිබුණ ද, අද දිනයේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවට අණාවරණය වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...