කොරෝනා IPL බුබුලට රිංගයි, දෙදෙනෙකුට කොවිඩ් – අද තරගයත් අත්හිටුවයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ 30 වන තරගය කල් දැමීමට අයි.පී.එල් බළධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරොනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

කොල්කටා කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර අද තරගය පැවැත්වීමට නියමිතව තිබුණා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී ඇත්තේ වරුන් චක්‍රවර්තීට සහ සන්දීප් වොරියර්ටයි (Sandeep Warrier).

වරුන් චක්‍රවර්තී මෑතකදී වෛද්‍ය පරීක්ෂණ සදහා අයි.පී.එල් ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව තිබූ අතර, එහිදී ඔහුට වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සැක පල කෙරෙන්නේ.

මෙවර තරග වාරයේ දී ජෛව ආරක්ෂිත බුබුල ඇතුළතින් කොරෝනා වෛරසය ආසාදනය වූ සාමාජිකයෙකු හදුනා ගැණුනු පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව කොල්කටා කණ්ඩායමේ සියලු සාමාජිකයින් මේ වන විට වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කරමින් සිටින බවයි අයි.පී.එල් බළධාරීන් නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...