මාලිංග යළි ජාත්‍යන්තර පිටියට ? සාකච්ඡා ඇරඹීමටත් සූදානම්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අතර සාකච්ඡාවක් සිදු වීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ අනාගත ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

මාලිංග මේ වන විටත් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරගවලින් මෙන්ම 20යි 20 ලීග් තරග පිටියෙන් සමු ගෙන ඇතත්, 20යි 20 ජාත්‍යන්තරත තරගවලින් මෙතෙක් සමු ගෙන නැහැ.

ඒ අනුව තේරීම් කමිටුව පෙන්වා දෙන්නේ ඉදිරි 20යි 20 තරගාවලි වෙනුවෙන් ඔහුව යොදා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

“අපි ලසිත්ට ඉක්මනින්ම කතා කරනවා. ඉදිරි 20යි 20 තරගාවලි සහ ඔක්තෝබර් මාසයේ තියෙන 20යි 20 ලෝක කුසලානය සදහා වන අපේ සැලසුම්වල ඔහු ඉන්නවා.” යනුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා Morning Sports වෙත සදහන් කළා.

මේ සම්බන්ධයෙන් ලසිත් මාලිංග Morning Sports වෙත අදහස් පල කරමින් පවසා ඇත්තේ මෙවැන්නක්.

“මම ටෙස්ට් සහ එක්දින තරගවලින් විශ්‍රාම අරගෙන තිබුණත් තාම 20යි 20 ජාත්‍යන්තර තරගවලින් සමු ගෙන නැහැ. මම වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්ගෙන් ජාතික කණ්ඩායම සදහා සේවය ලබා ගන්න තේරීම් කමිටුව අපේක්ෂා කරන්නේ කොහොමද කියලා මමත් දැනගන්න කැමතියි. දීර්ඝ විවේක කාලයකින් පස්සේ යළි කණ්ඩායමට පැමිණ දක්ෂතා දක්වන්න පුලුවන් කියලා මම ගොඩක් අවස්ථාවලදී ඔප්පු කරලා තියෙනවා.”

ලසිත් මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ පසුගිය වසරේ දී මාර්තු මාසයේ දී වන අතර, ඉන් අනතුරුව මෙතෙක් කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...