කොල්කටා කණ්ඩායමෙන් කොවිඩ් ආසාදිත 4 වැනි ක්‍රීඩකයාත් හමු වෙයි

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්නාට ද කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන ඉන්දීය සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඔහුව නම් කිරීමෙන් පැය 24ක් ගත වීමටත් පෙරයි මෙම පුවත වාර්තා වන්නේ.

අයි.පී.එල් තරගාවලිය අතරතුර දී කොල්කටා කණ්ඩාමේ වරුන් චක්‍රවර්තීට සහ සන්දීප් වොරියර්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගැණුනා.

අනතුරුව අද(8) පෙරවරුවේ වාර්තා වුණේ එම කණ්ඩායම නියෝජනය කළ ටිම් සෙයිෆර්ට්ට ද වෛරසය ආසාදනය වී ඇති බවටයි.

කෙසේ වෙතත්, ප්‍රසිද් ක්‍රිෂ්නා අයි.පී.එල් ජෛව ආරක්ෂිත බුබුල තුළ රැදී සිටියදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගෙන නොතිබූ අතර, නිවස කරා පිටත් යාමේ දී යි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...