කොල්කටා කණ්ඩායමේ කොවිඩ් ආසාදිත තෙවැනි ක්‍රීඩකයාත් හමු වෙයි

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නවසීලන්ත ක්‍රීඩක ටිම් සෙයිෆර්ට් කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන තිබෙනවා.

අතරමගදී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසුව යළි නවසීලන්තය බලා පිටත්ව යාමට පෙර ඔහු සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදීයි ඒ බව අණාවරණය වී ඇත්තේ.

ඒ අනුව අයි.පී.එල් තරගාවලියට එක් වූ සෙසු නවසීලන්ත ක්‍රීඩකයින්, සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ විස්තර විචාරකයින් නවසීලන්තයට රැගෙන යන විශේෂ ගුවන් යානාවලින් ඔහුට සියරට බලා පිටත්ව යාමට නොහැකි වන අතර, මේ වන විට ටිම් සෙයිෆර්ට් අහ්මදාබාද්හී දී හුදකලා (isolation) කිරීමකට ලක් කර ඇති බව සදහන්.

මීට පෙර කොල්කටා කණ්ඩායමේ වරුන් චක්‍රවර්තීට සහ සන්දීප් වොරියර්ට ද කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වුණා.

ටිම් සෙයිෆර්ට් වැඩිදුර ප්‍රතිකාර සදහා චෙන්නායිහි පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට නියමිතයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු මයිකල් හසී ද කොවිඩ් 19 ආසාදනය වීමෙන් අනතුරුව රැදී සිටින්නේ එම රෝහලේ බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...