විලියම්සන් මාලදිවයිනට යාමත් සමග නවසීලන්ත ක්‍රිකට් ආයතනය විහිළුවක් වෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට තීරණය කිරීමත් සමග එම තරගාවලියට එක් වූ නවසීලන්ත ක්‍රීඩකයින් සම්බන්ධයෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය අනුගමනය කරන ක්‍රියාපිළිවෙත මේ වන විට බොහෝ දෙනෙකු තුළ යම් කුතුහලයක් ඇති කර තිබෙනවා.

ඒ, අයි.පී.එල් තරගාවලියට එක් වූ නවසීලන්ත ක්‍රීඩකයින් සැබවින්ම සිටින්නේ කුමන ස්ථානයකදැයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නොදන්නවාද යන පැනය ඉතිරි කරමින්.

මීට හේතු වී ඇත්තේ නායක කේන් විලියම්සන් ඇතුළු සිව් දෙනෙකු දිල්ලි නුවර කුඩා ජෛව ආරක්ෂිත බුබුලක ඉදිරි දින කිහිපය රැදී සිටින බවට නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණ ද, මේ වන විට ඔවුන් ඉන්දියාව තුළ රැදී නොසිටීමයි.

ඔවුන් සිව් දෙනා මේ වන විට මාලදිවයින වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ නායක කේන් විලියම්සන්, ක්යිල් ජමිසන් සහ මිචෙල් සැන්ට්නර් මෙන්ම භෞත චිකිත්සක Tommy Simsek දිල්ලි නුවර ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටින අතර, ඔවුන් ලබන 11 වනදා එංගලන්තය බලා පිටත්ව යන බවයි. ALSO READ : නවසීලන්ත ටෙස්ට් සාමාජිකයින් 4ක් දිල්ලියේ ජෛව ආරක්ෂිත බුබුලකට – බෝල්ට් යළි සියරටට

ඒ, එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන්.

කෙසේ වෙතත්, එම සිව් දෙනාට ලබන 16 වැනිදා දක්වා ඉන්දියාවේ රැදී සිටීමට සිදු වන බවට දැනුම් දීම සහ දිල්ලියේ රැදී සිටීම අනාරක්ෂිත බවට හැගී යාම හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සම්බන්ධ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමග ඔවුන් මාලදිවයින වෙත පැමිණ ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...