ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය කල් යන ලකුණු

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය දින කිහිපයකින් කල් දැමීමේ අවධානමක් මතුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට අදාළ තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 23 වනදායි.

කෙසේ වෙතත්, එය මැයි 27 වනදා දක්වා දින 4කින් කල් යාමට ඉඩ ඇති බව සදහන්.

තරගාවලියේ නිෂ්පාදක සමාගමේ සාමාජිකයින් බහුතරයක් ඉන්දීය ජාතිකයින් වන බැවින් ඔවුන් බංග්ලාදේශයට පැමිණීමේ දී දින 14ක නිරෝධායනයකට ලක් විය යුතු වනවා.

ඒ හේතුවෙන් තරගාවලිය ලබන 23 වනදා ආරම්භ කිරීම වෙනුවෙන් කටයුතු සංවිධාන කළ නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති තරග කාලසටහනට අනුව පළමු තරගය 23 වනදා ද, දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද ඩකා හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 16 වනදා එරට බලා පිටත්ව යන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනතුරුව දින තුනක කාලයක් නිරෝධායනයට ලක් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණුවීම් ආරම්භ කරනු ඇති.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබා දී ඇති බව ද අද(8) වාර්තා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...