අබිඩ් අලීගේ ද්විත්ව ශතකයත් සමග දෙවැනි දිනයේත් වැඩි ගෞරව පාකිස්තානයට – Day 2 Report

Date:

අබිඩ් අලී නොදැවී රැස් කළ ද්විත්ව ශතකයෙන් සවිමත් වෙමින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ ද වැඩි ගෞරව තමන් සතු කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුුලු 4ක් දැවී ලකුණු 52ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 458ක්.

Regis Chakabva නොදැවී ලකුණු 28යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, ටබිෂ් ඛාන්, හසන් අලී සහ සජිඩ් ඛාන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙය 36 හැවිරිදි ටබිෂ් ඛාන් ක්‍රීඩා කරන මංගල ටෙස්ට් තරගය වන අතර, මෙම තරගයේ ඔහු යවනු ලැබූ පළමු පන්දුවාරයෙන්ම සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ද ඔහු සමත් වීම විශේෂත්වයක්.

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තානය සිය පළමු ඉනිම අත්හිටුවිමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 510ක් ලබා සිටියදීයි.

සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළ අබිඩ් අලී නොදැවී ලකුණු 215ක් රැස් කළේ හතරේ පහර 29ක් සමගින්.

අසාර් අලී ලකුණු 126ක් සහ නවුමන් අලී ලකුණු 97ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Blessing Muzarabani කඩුලු 3ක් සහ Tendai Chisoro කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...