බංග්ලාදේශ තරග සංචාරය අභියස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය ලක්ෂාන්ට සහ ඉෂාන් ජයරත්නට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදීයි මෙම පුවත වාර්තා වන්නේ.

ධනංජය ලක්ෂාන් එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලිය සදහා වන මූලික පුහුණු සංචිතය සදහා නම් කර සිටි බව සදහන්.

මීට පෙර ක්‍රිකට් ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු ද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගැණුනා.

ඔහු ද එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා නම් කර ඇති බවටයි වාර්තා වුණේ.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසකට ඊයේ(8) ලබා දුන්නා.

බංග්ලාදේශ තරගාවලියට එක්වීමට නියමිත ක්‍රීඩකයින්ට සහ කාර්යය මණ්ඩල සාමාජිකයින්ට එලෙස එන්නත ලබා දී තිබූ බවයි වාර්තා වුණේ.

ශිරාන් ප්‍රනාන්දුට එම එන්නත ඊයේ ලබා නොදුන් අතර, ඔහුට එය මාසයක පමණ කාලයකින් පසුව ලබා දෙනු ඇති.

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 16 වනදා එරට බලා පිටත්ව යාමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...