අවිශ්කට බංග්ලාදේශ එක්දින තරගාවලිය අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන්.

එම පරීක්ෂණයෙන් සමත්වීමටනම් ක්‍රීඩකයින්ට කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයක් තුළ දිව යා යුතු වනවා.

කෙසේ වෙතත්, අවිශ්ක එම පරීක්ෂණය අසමත්ව ඇති බව සදහන්.

ඒ අනුව බංග්ලාදේශ සංචාරය සදහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, ඒ සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතු වනවා.

දෙරට අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.

වාර්තාවන ආකාරයට බංග්ලාදේශයට එරෙහිව නම් කර ඇති ශ්‍රී ලංකා එක්දින සංචිතය –

කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ඉසුරු උදාන, චාමික කරුණාරත්න, අකිල ධනංජය, ලක්ෂාන් සදකැන්, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ශිරාන් ප්‍රනාන්දු

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...