රාජස්ථාන් නවක වේග පන්දු යවන්නාගේ පියා කොරෝනා ආසාදනය වී මරුට

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක චෙතන් සාකරියාගේ පියා වන කන්ජිබායි සාකරියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛසරය ආසාදනය වීම හේතුවෙන් ඔහු මිය ගිය බවයි රාජස්ථාන් කණ්ඩායම නිවේදනය කළේ.

මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ඔහුට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන බව රාජස්ථාන් කණ්ඩායම සදහන් කළා.

චෙතන් සාකරියාගේ සහෝදරයා ද පසුගිය ජනවාරි මාසයේ දී මිය ගොස් තිබුණා.

සාකරියා මෙවර සිය පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, එහිදී තරග 7කදී කඩුලු 7ක් බිද හෙලීමට ඔහු සමත් වුණා.

මීට පෙර ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා Veda Krishnamurthy ගේ සහෝදරිය සහ මව ද කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...