ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය පැවැත්වීමේ අර්බුදයට බංග්ලාදේශයෙන් සෘජු තීරණයක්

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු නොකරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිළධාරී Nizamuddin Chowdhury සදහන් කළේ අභියෝග රැසක් පවතින නමුත් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කරන බවයි.

තරග විකාශන සමාගමේ සේවයේ නිරත වන්නන්ට බංග්ලාදේශයට පැමිණීමෙන් පසුව නිරෝධායනයට ලක්වීමට සිදු වීම හේතුවෙන් තරගාවලිය දින කිහිපයකින් කල් දැමීමට සිදු වනු ඇති බවට මීට පෙර බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා.

Gazi TV සමග පැවැති තරග විකාශන ගිවිසුම පසුගිය වසරේ දී අවසන් වීමෙන් අනතුරුව මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහා ස්ථීර විකාශන සමාගමක් නැහැ.

පසුගිය 28 වනදා වසර දෙකක කාලයක් සදහා විකාශන කටයුතු පැවරීම වෙනුවෙන් ලංසු කැදවීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර, ලබන 17 වනදා වන විට එහි සියලු කටයුතු අවසන් කර නව ආයතනයක් වෙත විකාශන කටයුතු පැවරීමට නියමිතයි.

ඒ අනුව කවුරුන් විසින් එම විකාශන අයිතිය ලබා ගත්ත ද, ඔවුන්ට තරගාවලියේ විකාශන කටයුතු වෙනුවෙන් සේවක පිරිස් රැගෙන ඒමට පවතින්නේ දින පහක පමණ කාලයක් පමණයි.

සාමාන්‍යයෙන් මෙවැනි කටයුතු සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශ සමාගම් සේවකයින් ලබා ගන්නේ ඉන්දියාවෙන් සහ දකුණු අප්‍රිකාවෙන්.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම රටවලින් පැමිණෙන පුද්ගලයින් දින 14ක කාලයක් අනිවාර්යය නිරෝධායනයකට ලක්විය යුතු වනවා.

“මේක අනිවාර්යයෙන්ම අභියෝගයක්” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Nizamuddin Chowdhury කියා සිටියා.

“අපි උත්සාහ කරනවා රජයේ මාර්ගෝපදේශවලට අනුකූලව සේවකයින් ගෙන්වා ගැනීමට. අපි වෙනත් විකල්ප ගැනත් බලනවා. ඇතැම් විට අපි දැනට ක්‍රිකට් ක්‍රීඩා කරන වෙනත් රටවලින් සේවකයින් ගෙන්වා ගැනීමට ඉඩ තියෙනවා.”

දෙරට අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...