IPL අර්බුදය දිග්ගැස්සෙයි – දිල්ලි කැපිටල්ස් සියලු සාමාජිකයින් නිරෝධායනයට

Date:

අයි.පී.එල් තරගාවලියට කොරෝනා වෛරසයෙන් එල්ල වී ඇති බලපෑම තවත් තීව්‍ර කරමින් සමස්ත දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ද නිරෝධායනයට ලක් වන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය 29 වනදා දිල්ලි කණ්ඩායම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ක්‍රීඩා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට කොල්කටා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ චෙන්නායි කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි මේ වන විට මෙවර අයි.පී.එල් තරගාවලිය අර්බුදයකට ලක්ව ඇත්තේ.

දිල්ලි කැපිටල්ස් සාමාජිකයින් කොපමණ කාලයක් නිරෝධායනය විය යුතු දැයි මෙතෙක් පැහැදිලි නොමැති නමුත්, හෙට(4) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබූ එම කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ද මේ වන විට සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ මීළග තරගය ද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලබන 8 වනදා අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...