“නායකත්වය හරි අමාරු වැඩක්” – මහේල

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා යනු සහජයෙන්ම නායකයෙකු බව ශ්‍රී ලංකා හිටපු නායක සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පවසනවා.

ඒ, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ සෝනි මාධ්‍ය ජාලය සමග සිදු කළ සංවාදයකට එක්වෙමින්.

“ඔහු ඇත්තෙන්ම සහජ නායකයෙක්. ඒවගේම ඔහු විශාල තොරතුරු ප්‍රමණයක් රැස් කරනවා. එය තමයි ඔහුගේ ශක්තිය.”

යනුවෙන් මහේල සදහන් කළා.

මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කළමණාකාරීත්වය අතර දීර්ඝ රැස්වීම් සිදු නොවන බව ද මහේල ජයවර්ධන කියා සිටියා.

“රෝහිට් බොහෝ තොරතුරු ලබා ගන්නවා. ඔහු කැමතියි විවිධ දේවල් දැන ගැනීමට. ඔහු ඒවා තරග අතරතුර දී යොදා ගන්නවා. තොරතුරු ලබා දෙන එක අපේ රාජකාරියක්. මොකද තරගයකට ගියාම නායකත්වය කියන දේ හරි අමාරු දෙයක්. මමත් ඒක කරලා තියෙනවා. සහජයෙන්ම අවශ්‍ය තිරණ ගැනීම සහ ක්‍රියාශීලී වීම අතින් රෝහිට් ඉදිරියෙන් ඉන්නවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...