අබ්බාස්ගේ ප්‍රාන්ත ගිවිසුම අවලංගු කෙරේ

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස් සමග මෙම වසර සදහා අත්සන් තැබුණු ගිවිසුම අවලංගු කිරීමට නොටින්හැම්ෂෙයාර් ප්‍රාන්ත කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර් ප්‍රාන්ත තරග වාරය කල් දැමීමට සිදු වීම හේතුවෙන්.

ඔහු මෙම තරග වාරයේ දී සිව්දින තරග 9ක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

ලබන ජූලි 30 වනදා පාකිස්තානය සහ එංගලන්තය අතර ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට ද මොහොමඩ් අබ්බාස් නම් කර තිබෙනවා.

මෙවර තරග වාරය ඔහුට අහිමි වුව ද ඉදිරි තරග වාර සදහා මොහොමඩ් අබ්බාස් සම්බන්ධ කර ගැනීමට තමන් අවධානය යොමු කරන බවයි නොටින්හැම්ෂෙයාර් ප්‍රාන්ත කණ්ඩායමේ කළමණාරීත්වය සදහන් කළේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් ක්‍රීඩකයින් රැසකටම මෙවර ප්‍රාන්ත තරග වාරයට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වුණා.

එංගලන්ත ප්‍රාන්ත තරග වාරය ආරම්භ කිරීම මේ වන විට අගෝස්තු පළමුවැනිදා දක්වා කල් දමා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...