විසි දෙහැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම බිඳ දැමූ වසර 22 ක් පැරණි වාර්තාව

Date:

තවමත් 22 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම පිළිබද මේ වන විට ක්‍රිකට් ලෝකයම කතා කරන්න පටන් අරගෙන.

ඒ, බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු මේ වන විට දක්වමින් සිටින සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

එහිදී බංග්ලාදේශ ප්‍රථම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 92 ක් පමණක් ලබාදී බිඳ හෙලීමට මේ නවක වමත් දඟ පන්දු යවන්නාටට හැකි වුණා.

ඒ අනුව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඔහු වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ කුලුදුල් ටෙස්ට් තරගයක ඉනිමක හොඳම පන්දු යැවීම සනිටුහන් කළ ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසයි.

එම වාර්තාවට මෙතෙක් හිමිකම් කියනු ලැබුවේ හිටපු දඟ පන්දුයවන ක්‍රීඩකයෙකු වන උපුල් චන්දනයි.

1999 වසරේ පාකිස්තානය සමගින් පැවති තරගයකදී ටෙස්ට් වරම් හිමිකරගත් උපුල් චන්දන සිය මංගල තරගයේ දී ම ඉනිමක කඩුලු 6 ක් බිඳ හෙලනු ලැබුවේ ලකුණු 179 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වසර 22 ක් පමණ බිඳ නොවැටී තිබූ එම වාර්තාව, ප්‍රවීන්ගේ විශිෂ්ඨ පන්දුයැවීම හමුවේ මේ වන විට බිඳ වැටී තිබෙනවා.

මංගල ටෙස්ට් තරගයේ ඉනිමක හොදම පන්දු යැවීම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

05. ලසිත් ඇඹුල්දෙනිය – (2019)

දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 66 කට කඩුලු 5 යි.

04. කෝසල කුරුප්පුආරච්චි (1986)

පාකිස්තානයට එරෙහිව ලකුණු 44 ට කඩුලු 5 යි.

03. අකිල ධනංජය (2018)

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 24 ට කඩුලු 5 යි.

02. උපුල් චන්දන (1999)

පාකිස්තානට එරෙහිව ලකුණු 179 ට කඩුලු 6 යි.

01. ප්‍රවීන් ජයවික්‍රම (2021)

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 92 කට කඩුලු 06 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...