ප්‍රවීන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 259ක් ඉදිරියෙන් – Day 3 Report

Date:

ප්‍රවීන් ජයවික්‍රම ප්‍රදර්ශනය කළ වාර්තාගත පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(1) අවසන් වන විට තරගයේ වැඩි ගෞරව තවදුරටත් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 17ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න ලකුණු දෙකකට දවා ගැනීමට මෙහිදි හසාන් මිරාස් සමත් වූ අතර, ඕෂද ප්‍රනාන්දු එක් ලකුණකට දැවී ගියේ ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ලකුණු 13ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 259ක්.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගත් ප්‍රවීන් ජයවික්‍රම අද දිනයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අතර, ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 251කට සීමා කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ටමිම් ඉක්බාල් ලකුණු 92ක්, මොමිනුක් හක් ලකුණු 49ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92කට කඩුලු 6ක් බිද හෙලුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ ඉනිමකදී පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීමේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගනිමින්.

එමෙන්ම ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ ඉනිමක කඩුලු 5ක් දවා ගත් පස්වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ ද ප්‍රවීන් ජයවික්‍රමයි.

රමේෂ් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් අතරේ කඩුලු 2 බැගින් ද බෙදී ගියා.

අද දිනයේ දී කඩුලු 13ක් දැවී යාම ද විශේෂත්වයක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 493ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමටයි අද පෙරවරුවේ තීරණය කළේ.

ALSO READ : ශ්‍රී ලංකාව පළමු ඉනිම අත්හිටුවයි – Innings Report

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...