“මම ගොඩක් ආසාවෙන් හිටියෙ එයාගෙ විකට් එක ගන්න” : ප්‍රවීන් ජයවික්‍රම

Date:

ටමිම් ඉක්බාල්ගේ කඩුල්ල දවා ගැනීම සදහා තමා තුළ දැඩි අවශ්‍යතාවයක් පැවැති බව ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම පවසනවා.

බංග්ලාදේශය සමග පල්ලේකැලේ ක්‍රීඩාංගයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙම තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමේ දී ප්‍රවීන් කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 92ක් පමණක් ලබා දෙමින්.

එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ ඉනිමකදී වාර්තා කළ හොදම පන්දු යැවීමයි.

“මම මේ තරගයේ දී හිතුවේ නිලකුණු පන්දු යවමින් කොහොමද එයාලට පීඩනයක් එල්ල කරන්නේ කියලා. ඉතිං මට පුලුවන් වුණා කොහොමහරි කඩුලු 6ක් ගන්න. ගොඩක් සතුටුයි වාර්තාවකට යන්න පුලුවන් විම ගැන” යනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම සදහන් කළා.

“මම ගොඩක් ආසාවෙන් හිටියෙ එයාගෙ (ටමිම් ඉක්බාල්) විකට් එක ගන්න. ඉතිං ගොඩක සතුටුයි ඒක ගත්ත එක ගැන. ඒ වගේම මුෂ්ෆිකර් රහීම්ගෙ. ඒ කඩුලු දෙකට ගොඩක් කැමතියි”

සිය ක්‍රිකට් දිවියේ මෙතෙක් ආ ගමන් මග පිළිබදව මෙන්ම පුහුණුවීම්වල වැදගත්කම සම්බන්ධයෙන් ද ප්‍රවීන් මෙහිදී අදහස් පල කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...