පොලාඩ්ගෙන් හයේ වැස්ස හමුවේ මුම්බායෙන් වාර්තාගත හඹා යාමක් – Match Report

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනෙකු වැඩි අවධානයක් යොමු කළ 27 වැනි තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවසන් පන්දුවේ තියුණු ජයක් හිමි කර දෙමින් නිමාව දුටුවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහි මෙම තරගය දිල්ලි හී දි පැවැති අතර, එම තරගයෙන් මුම්බායි කණ්ඩායමට ජය හිමි වූයේ කඩුලු 4කින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 218ක් ලබා ගත්තා.

ඒ, අම්බටි රයිදු පන්දු 27කින් නොදැවී රැස් කළ ලකුණු 72න් සවිමත් වෙමින්.

ඔහුගේ වේගවත් ඉනිම හයේ පහර 7කින් සහ හතරේ පහර 4කින් අලංකාර වුණා.

ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 28කින් ලකුණු 50ක් සහ මොයීන් අලී පන්දු 36කින් ලකුණු 58ක් රැස් කළා.

අලීගේ ඉනිමට හයේ පහර සහ හතරේ පහර 5 බැගින් ඇතුළත්.

පන්දු යැවීමේ දී කිරන් පොලාඩ් පන්දුවාර දෙකක් යොමු කරමින් ලකුණු 12කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කිරන් පොලාඩ් පන්දු 34කින් නොදැවී ලකුණු 87ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට වාර්තාගත ජයක් හිමි කර දුන්නා.

ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තා.

මෙය ඉතිහාසගත වුණේ අයි.පී.එල් ඉතිහාසයේ තරගයක් හඹාගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...