ශඩාබ්, හැරිස් සහ හෙයිදර්ට කොරෝනා – එංගලන්ත සංචාරයත් අවධානමේ

Date:

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හෙයිදර් අලී, ශඩාබ් ඛාන් සහ හැරිස් රවුෆ් යන ක්‍රීඩකයින් රාවල්පින්ඩි හී දී වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර ඇති අතර, එහිදී ‍මේ බව තහවුරු වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය පැවසුුවේ.

ඔවුන් තිදෙනා මේ වන විට ස්වයං නීරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

එංගලන්ත තරග සංචාරය සදහා ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතයක් මේ වන විට නම් කර ඇති අතර, ඔවුන් එළඹෙන 28 වනදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබියදී එම සංචිතයට අයත් ක්‍රීඩකයින් තිදෙනෙකු මෙලෙස වෛරසයට ගොදුරු වීම විශේෂත්වයක්.

සෙසු ක්‍රීඩකයින් ද ලාහෝර්, කරච්චි සහ පෙෂාවර් ප්‍රදේශවලදී වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඇති අතර, ඒවායේ ප්‍රතිපල මෙතෙක් ලැබී නැහැ.

ඉමාඩ් වසීම් සහ උස්මාන් ශින්වාරි රාවල්පින්ඩි හී දී වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර තිබූ නමුත් ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව එහිදී තහවුරු වී තිබෙනවා.

වෛරසයට ගොදුරු වූ හෙයිදර් අලී 2020 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වීම හේතුවෙන් මෙවර පළමු වරටයි ජාතික සංචිතය සදහා කැදවීමට පියවර ගැණුනේ.

පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට ටෙස්ට් තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...