පැතුම්, ඕෂද හා දික්වැල්ල යළි ඉනිම ගොඩ නගයි – Tea Report

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි(30).

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 425ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 31ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 12ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ පළමු පැයක කාලය තුළ දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, අනතුරුව යළිත් ක්‍රියාත්මක වූ ටස්කින් අහ්මඩ් ලකුණු 30ක් ලබා සිටි පැතුම් නිස්සංක දවා ගැනීමට සමත් වුණේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සළස්වමින්.

පසුව තරගයේ යොමු කෙරුණු ඊළග පන්දු වාරයේ දී ම ඕෂද ප්‍රනාන්දු ලකුණු 81ක් ලබා සිටියදී දවා ගැනීමට මෙහිදි හසාන් මිරාස් සමත් වුණා.

අනතුරුව රමේෂ් සහ දික්වැල්ල අතර 7 වන කඩුල්ල වෙනුවෙන් මේ වන විට ලකුණු 43ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගී තිබෙනවා.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 2කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 91ක්.

දිනයේ පළමු කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න ලකුණු 140ක් ලබා සිටියදී දැවී ගිය අතර, අනතුරුව ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 5කටත්, ධනංජය ද සිල්වා ලකුණු 2කටත් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ද ලකුණු 118ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් කඩුලු 3ක් දවා ගත් අතර, ශොරිෆුල් ඉස්ලාම්, මෙහිදි හසාන් මිරාස් සහ ටයිජුල් ඉස්ලාම් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...