ක්‍රීඩකයින් සමග මත ගැටුමක් නැහැ – ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර වැටුප් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිව තිබෙන බවට පල වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ වාර්ෂිකව කොන්ත්‍රාත් ගිවිසුම් අලුත් කිරීම සිදු කරන බැවින්, නව කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් දෙපාර්ශවය අතර පොදු එකගතාවයකට එළඹීමට උත්සාහ කරන බවයි.

එබැවින් ඒ පිළිබද කිසිදු මත ගැටුමක් නිර්මාණය වී නොමැති බවත්, කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් සුහද සාකච්ඡා තවදුරටත් සිදු වෙමින් පවතින බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

බංග්ලාදේශ තරගාවලිය නිමා වීමෙන් අනතුරුව කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සිදු වන සාකච්ඡා ද අවසන් කර පොදු එකගතාවයකට එළඹීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...