ඕෂදගේ 81 සහ දික්වැල්ලගේ නොදැවුණු ඉනිම හමුවේ තරගයේ පාලනය තවදුරටත් ශ්‍රී ලංකාවට

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සදහා තරගය අද(30) නතර කරන විට තරගයේ වැඩි ගෞරව තවදුරටත් තමන් වෙත හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න රැස් කළ ශතකවලින් මෙන්ම ඕෂද ප්‍රනාන්දු හා නිරෝෂන් දික්වැල්ල අද දිනයේ දී ලබා ගත් අර්ධ ශතකවලින් ශක්තිමත් වෙමින්.

දිනය නිමා වන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 469ක්.

අයහපත් කාළගුණයෙන් තරගයට අද බාධා එල්ල වූ බැවින් නියමිත කාලයට පෙර අද දිනයට තරගය අවසන් කිරීමට සිදු වූ අතර, ඒ අනුව අද දිනය සදහා යැවීමට නියමිත වූ පන්දුවාර සංඛ්‍යාවෙන් පන්දුවාර 24ක් පමණ යැවීමට හැකි වූයේ නැහැ.

දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල සිය 18 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 64ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 22ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

ඔවුන් දෙදෙනා අතර 7 වන කඩුල්ල වෙනුවෙන් මේ වන විට ලකුණු 87ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගී තිබෙනවා.

දිනයේ පළමු කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න ලකුණු 140ක් ලබා සිටියදී දැවී ගිය අතර, අනතුරුව ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 5කටත්, ධනංජය ද සිල්වා ලකුණු 2කටත් දවා ගනිමින් බංග්ලාදේශය යළි තරගයට අවතීර්ණ වුණා.

කෙසේ වෙතත්, පසුව පැතුම් නිස්සංක සහ ඕෂද ප්‍රනාන්දු 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබදතාවයක් ගොඩ නගමින් තරගයේ පාලනය යළි ශ්‍රී ලංකාව වෙත ලබා ගත්තා.

පැතුම් නිස්සංක ලකුණු 30ක් රැස් කර සිටියදී ටස්කින් අහ්මඩ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා.

අනතුරුව තරගයේ යොමු කෙරුණු ඊළග පන්දු වාරයේ දී ම ඕෂද ප්‍රනාන්දු ලකුණු 81ක් ලබා සිටියදී දවා ගැනීමට මෙහිදි හසාන් මිරාස් සමත් වුණා.

ඉන් පසුවයි නිරෝෂන් දික්වැල්ල සහ රමේෂ් මෙන්ඩිස් 7 වන කඩුල්ල වෙනුවෙන් නොබිදුණු සබදතාවයක් ගොඩ නගමින් තරගයේ වැඩි ගෞරව තවදුරටත් ශ්‍රී ලංකාව වෙත හිමි කර දීමට සමත්ව ඇත්තේ.

දිමුත් කරුණාරත්න ද ඊයේ දිනයේ දී ලකුණු 118ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහ්මඩ් කඩුලු 3ක් දවා ගත් අතර, ශොරිෆුල් ඉස්ලාම්, මෙහිදි හසාන් මිරාස් සහ ටයිජුල් ඉස්ලාම් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...