කාර්තික් ඉදිරිපිට දනගැසූ ශිකර් ධවාන්…ඊයේ තරගයේ වූ විනෝදාත්මක සිදුවීම මෙන්න

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලී කැපිටල්ස් කණ්ඩායම අතර ඊයේ (29) දිනයේ පැවති අයි.පී.එල් තරගය අතරතුර කොල්කටා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් හා දිල්ලී කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් අතර ඇති වූ විනෝදාත්මක සිදුවීමක් මේ වන විට ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් දිනාගෙන ඇති බව දක්නට ලැබෙනවා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් ක්‍රීඩකයින් ඉනිම නිමා වීමට පන්දු 21ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 132ක සබදතාවයක් ගොඩ නැගීමට දවාන් සහ ප්‍රිත්වි ෂෝ සමත් වූ අතර, දවාන් ලකුණු 46කටත්, ප්‍රිත්වි ලකුණු 82කටත් දැවී ගියා.

දිල්ලි ඉනිමේ 12 වන පන්දුවාරයේ දී  ශිකර් ධවාන් පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේ වරුන් චක්‍රවර්තී විසින් වයිඩ් පන්දුවක් යොමු කරනු ලැබුවා.

අනතුරුව පන්දුව රැකගෙන “ස්ටම්ප් ” කිරීමක් සිදුකිරීමට කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් කටයුතු කළා.

නමුත් ඒ මොහොතේදී ධවාන් තම පාදය සීමා ඉරෙන් පිටතට ගැනීමක් සිදුකරන්නේ නැහැ.

එබැවින් එය දැවීයාමක් බවට පත් නොවූ නමුත්, එම අවස්ථාවේ දී දිනේෂ් කාර්තික් සහ ධවාන් අතර විනෝදාත්මක සිදුවීමක් වනු දක්නට ලැබුණා.

ඒ, දිනේෂ් කාර්තික් විසින් අදාළ අවස්ථාව දැවී යාමක් දැයි විනිසුරුගෙන් නොවිමසා විනෝදාත්මක අයුරින් ඒ පිළිබද ධවාන්ගෙන් විමසීමට කටයුතු කිරීමත් සමගයි.

එම සිදුවීම මේ වන විටත් ලොව පුරා බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...