කඩුලු 3ක් දවා ගනිමින් බංග්ලාදේශය තරගයට යළි අවතීර්ණ වෙයි – Lunch Report

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි(30).

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 334ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඕෂද ප්‍රනාන්දු ලකුණු 65ක් සහ පැතුම් නිස්සංක ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනයේ පළමු කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න දැවී ගියේ ලකුණු 140ක් ලබා සිටියදීයි.

පන්දු 298කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත්.

අනතුරුව ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 5කටත්, ධනංජය ද සිල්වා ලකුණු 2කටත් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

දිනයේ පළමු පැයක කාලය තුළ කිසිදු කඩුල්ලක් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට නොහැකි වූ නමුත්, දෙවැනි පැය තුළ දී කඩුලු 3ක් දවා ගැනීමට ඔවුන් සමත් වීම විශේෂත්වයක්.

අද දිනයේ දිවා ආහාරය තෙක් ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණූ 43ක් පමණයි.

මේ වන විට පල්ලේකැලේ තණතීරුව කෙමෙන් කෙමෙන් දග පන්දු යවන්නන්ට උචිත වෙමින් පවතින ආකාරයක් ද දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ද ලකුණු 118ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් කඩුලු 2ක් දවා ගත් අතර, ශොරිෆුල් ඉස්ලාම් සහ ටයිජුල් ඉස්ලාම් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...