පළමු දිනයේ සියලු ගෞරව පාකිස්තානයට – Day 1 Report

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ඊයේ(29) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය පාකිස්තානයට හිමි කර දෙමින්.

හරාරේහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 176ක් පමණයි.

Roy Kaia ලකුණු 48ක් සහ ඩොනල්ඩ් ටිරිපානෝ නොදැවී ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි සහ හසන් අලී කඩුලු 4 බැගින් බිද හෙලුවා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 103ක් ලබා සිටියා.

ඉම්රාන් බට් නොදැවී ලකුණු 43ක් සහ අබිඩ් අලී නොදැවී ලකුණු 56ක් රැස් කරමින් කඩුලලේ රැදී සිටිනවා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 73ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...