‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ නායකත්වය සනත්ට – සංචිතය, වියදම, ලාභය හා ගෙවීම් ලැබෙන හැටි මෙන්න

Date:

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම සමග ලබන 4 වැනිදා පැවැත්වීමට නියමිත 20යි 20 ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් යුත් ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ කණ්ඩායමේ නායකත්වය සනත් ජයසූරිය විසින් දැරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

1996 වසරේ ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ කණ්ඩායම නියෝජනය කරන අතර, ඊට අරවින්ද ද සිල්වා ද ඇතුළත්.

ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වන විටත් පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔවුන් ඉදිරියේ දී PCR පරීක්ෂණ සදහා ද යොමු වීමට නියමිතව ඇති අතර, මැයි 3 වනදා මහනුවර බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම තරගය සදහා මිලියන 28ක පමණ වියදමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැරීමට සිදු වන බවයි ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

තරගයට ක්‍රීඩා කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා ඩොලර් 1500ක මුදලක් ද ගෙවීමට නියමිතයි.

තරගය තුළින් අපේක්ෂා කෙරෙන ලාභය මිලියන 4ක් පමණ වන බව සදහන්.

මැයි මස 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් උපයා ගනු ලබන සියළු මුදල් කොවිඩ් 19 වසංගතයට එරෙහි සටන වෙනුවෙන් බැර කෙරෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

20යි 20 තරගයක් ලෙස මැයි 04 වැනිදා රාත්‍රී 7.00 ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අදාළ තරගය ලොව පුරා සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබෙනවා.

වාර්තාවන ආකාරයට අදාළ තරගයට නම් කර ඇති ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සංචිතය –

Sanath Jayasuriya (C), Aravinda De Silva, Upul Chandana, Upul Tharanga, Chamara Kapugedera, Malinda Warnapura, Chamara Silva, Nuwan Kulasekara, Dhammika Prasad, Thilan Thushara, Ajantha Mendis, Jehan Mubarak, Farveez Maharoof, Saman Jayantha, Indika De Seram.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...