ප්‍රිත්වි ෂෝගේ ලෝක වාර්තාවත් සමග කැපිටල්ස් කණ්ඩායමට පහසු ජයක් – Match Report

Date:

ප්‍රිත්වි ෂෝ සහ ශිකර් දවාන් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 132ක විශිෂ්ඨ සබදතාවයෙන් ශක්තිමත් වෙමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(29) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

නයිට් රයිඩර්ස් කණ්ඩායම සටනකාමී ලකුණු ප්‍රමාණයක් දක්වා රැගෙන ගිය ඇන්ඩ්‍රි රසල් පන්දු 27කින් නොදැවී ලකුණු 45ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින්.

ෂුබ්මන් ගිල් ලකුණු 43(38)ක් රැස් කළ අතර, නායක ඔයින් මෝර්ගන් සහ සුනිල් නාරායන් ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී ලලිට් යාදෙව් සහ අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් ක්‍රීඩකයින් ඉනිම නිමා වීමට පන්දු 21ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 132ක සබදතාවයක් ගොඩ නැගීමට දවාන් සහ ප්‍රිත්වි සමත් වූ අතර, දවාන් ලකුණු 46කටත්, ප්‍රිත්වි ලකුණු 82කටත් දැවී ගියා.

ප්‍රිත්වි ෂෝගේ ඉනිම පන්දු 41ක් පමණක් වැය වෙමින් වාර්තා වුණේ හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමගින්.

ඔහු ඉනිමේ පළමු පන්දුවාරයට හතරේ පහර 6ක් එල්ල කිරීම කැපී පෙණුනා.

එය නව වාර්තාවක් ලෙස ඉතිහාසයට එක් වුණේ 20යි 20 ඉනිමක පළමු පන්දුවාරයේ දී පිතිකරුවෙකු හතරේ පහර 6ක් එල්ල කළ පළමු අවස්ථාව ලෙසයි.

ප්‍රිත්වි ෂෝ මෙලෙස හතරේ පහර 6ක් එල්ල කරනු ලැබුවේ ශිවම් මාවිට එරෙහිවයි.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

IPL T20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...