සංගාගේ රාජස්ථානය පරදා මහේලගේ මුම්බායට කඩුලු 7ක ජයක් – Match Report

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි ජයග්‍රහනය වාර්තා කිරීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(29) සමත් වුණා.

ඒ, තරගාවලියේ 24 වන තරගයෙන් කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින්.

දිල්ලිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමු‍වෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා ගනිමින්.

ජොස් බට්ලර් ලකුණු 41(32)ක් සහ යශස්වි ජයිස්වාල් ලකුණු 32(20)ක් රැස් කරමින් ඉනිමට මනා ආරම්භයක් ලබා දුන්නා.

නායක සංජු සැම්සන් ලකුණු 42ක් රැස් කළේ පන්දු 27කට මුහුණ දෙමින්.

ශිවම් ඩූබේ ලකුණු 35ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී රාහුල් චහාර් ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 18.3ක් අවසානයේ දී යි.

ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 70ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

පන්දු 50කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

කෘනල් පාන්ඩ්යා ලකුණු 39(26)යි.

පන්දු යැවීමේ දී ක්‍රිස් මොරිස් ලකුණු 33කට කඩුලු 2ක් බිද හෙලුවා.

මුම්බායි කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවන අතර, රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් හිමි කර ගනිමින් එහි 7 වන ස්ථානයේ රැදී සිටිනවා.

රාජස්ථාන් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග 6න් ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...