රාජස්ථාන් සංචිතය විදෙස් ක්‍රීඩකයන් 4 දෙනෙකුට සීමා වෙයි, 4 දෙනෙකු තරගාවලියෙන් ඉවතට

Date:

14 වන වරටත් පවත්වනු ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, ඉන්දියාව තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට අර්බුද රැසකට මුහුණ දී තිබෙනවා.

ඉන් ඉතාමත් ප්‍රබල අභියෝගයකට මුහුණ දී ඇත්තේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා අධ්‍යක්ෂ ධූරය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

මේ වන විට අවාසනාවන්ත ලෙස කොවිඩ් අර්බුදය සහ වෙනත් හේතූන් මත රාජස්ථාන් සංචිතයේ රැදී සිටින සමස්ත විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව වන්නේ හතර දෙනෙකු පමණයි.

ඒ, පෞද්ගලික හේතුවක් මත වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෲ ටයි ද මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බැවින්.

ඒ අනුව එම කණ්ඩායම සතුව මේ වන විට රැදී සිටින්නේ මුස්ටෆිසුර් රෙහ්මාන්, ඩේවීඩ් මිලර්, ජොස් බට්ලර් හා ක්‍රිස් මොරිස් යන විදෙස් ක්‍රීඩකයන් පමණයි.

රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ජොෆ්රා ආචර්ට ඇගිල්ලක ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වීම හේතුවෙන් මෙවර අයි.පි.එල් තරගාවලියේ කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වූයේ නැහැ.

පසුගියදා එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහුට මෙවර අයි.පි.එල් තරගාවලියට කිසිසේත් එක්වීමේ අවස්ථාවක් නොමැති බවයි.

මීට පෙර රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම සිදු වූ ආබාධයක් හේතුවෙන් බෙන් ස්ටොක්ස්ට ද මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

එමෙන්ම ලියම් ලිවින්ග්ස්ටෝන් ද ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටීමේ අපහසුතා පදනම් කර ගනිමින් මෙවර තරගාවලියෙන් ඉවත් වීමටයි පසුගියදා තීරණය කළේ.

ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් සංචිතයේ රැදී සිටි විදෙස් ක්‍රීඩකයන් අට දෙනාගෙන් මේ වන විට රැඳී සිටින්නේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණයි.

සෑම අයි.පී.එල් කණ්ඩායමකටම සිය සංචිතය සදහා විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාව පවතින අතර, තරගයක් සදහා ක්‍රීඩා කළ හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...