“මේ වගේ තණතීරුවක් නම් අපි කොහොමවත්ම දෙන්නේ නෑ.” : දිමුත්

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා පළමු තරගයට යොදා ගත් ආකාරයේ තණතීරුවක් කිසිසේ්ත් ලබා නොදෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ පන්දු යවන්නන්ට ද සහයෝගයක් සහිත තණතීරුවක් එම තරගය සදහා අපේක්ෂා කරන බවයි.

“මේ වගේ තණතීරුවක් නම් අපි කොහොමවත්ම දෙන්නේ නෑ. ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කරන්න. ඉතිං අපි අනිවාර්යයෙන්ම කඩුලු 20 ක් ලබා ගත යුතුයි තරගයක් ජයග්‍රහණය කරන්න.” යනුවෙන් දිමුත් සදහන් කළා.

“ගොඩක් වෙලාවට 50 ට 50 තියෙන විකට් එකක් වෙයි. මොකද පන්දු යවන්නන්ට සහයෝගයක් තණතීරුවෙන් තියෙන්න ඕන. නැත්නම් ක්‍රිකට් ක්‍රීඩා කරලා වැඩකුත් නෑ. විශේෂයෙන් දඟ පන්දු යවන්නන්ට ලොකු සහයෝගයක් ලැබෙන තණතීරුවක් වෙයි.”

කණ්ඩායමේ ස්ථාන කිහිපයක වෙනස්කම් සිදු වනු ඇති බව ද මෙහිදී ශ්‍රී ලංකා නායකයා අවධාරණය කර සිටියා.

මේ අතර, නිමා වූ පළමු තරගයේ දී තමා ලබා ගත් ද්විත්ව ශතකය සම්බන්ධයෙන් අදහස් පල කරමින් දිමුත් කරුණාරත්න කියා සිටියේ තම ඉනිම ආරම්භයේ දී ළහිරු තිරිමාන්නගෙන් ද විශාල සහායක් ලැබුණු බවයි.

“කොදෙව් දූපත්වල ගොඩක් වෙලාවට පළවැනි පන්දුවාර කිහිපයේදී ලකුණු ලබාගෙන මම බැලුවේ ලකුණු අතරට එන්න. නමුත් ඒක අසාර්ථක වුණා. මං ඇහුවා පුහුණුකරුගෙන් මොනවද මගෙන් වෙන වැරැද්ද කියලා. ඒ වෙලාවේ එයා කිව්වේ ඔයා ආරම්භක පිතිකරුවෙක් නිසා පොඩ්ඩක් සෙට් වෙනකන් විකට් එකේ ඉන්න ඕන කියලා. ඒ හින්දා පුලුවන් තරම් අලුත් බෝලෙ අත ඇරලා සෙල්ලම් කරන එක තමයි ඔයාගේ ගේම් එක කියලා පුහුණුකරු කිව්වා.”

“ඒක තමයි මං කොදෙව් දූපත්වල අන්තිමට කළේ. පුලුවන් තරම් වෙලා අරගෙන සෙට් වුණාට පස්සේ මං දන්නවා ඒ හැම දේම ලබාගන්න පුලුවන් කියලා. ඒ දේම තමයි මම මෙතැනට ඇප්ලයි කළේ. කන්ඩිෂන් වෙනස් වුණත්, දේශීය තත්ත්වයේ ගැහුවත් කරගෙන ආපු දේ කරගෙන යන්න ඕන කියන දේ හිතේ තිබ්බා. අනිත් පැත්තෙන් තිරිමාන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. එයා ඉක්මනට ලකුණු ලබා ගත්ත හින්දා මට වෙලා ගන්න චාන්ස් එකක් ලැබුණා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...