කොවිඩ් 19 නිසා අශ්වින් IPL හැර යයි

Date:

තමා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ආර්. අශ්වින් පවසනවා.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග ඊයේ(25) රාත්‍රියේ පැවැති තරගයෙන් අනතුරුවයි ඔහු ඒ බව නිවේනය කළේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමේ අවශ්‍යතාවය මත තමන් මෙම තීරණය ගත් බව අශ්වින් සදහන් කළා.

කොවිඩ් 19 අර්බුදය පහව ගොස් තත්ත්වය සාමාන්‍ය අතට පත්වන බවට දක්නට ලැබුණොහොත් තමා යළි අයි.පී.එල් තරගාවලිය සමග එක්වීමට සූදානම් බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අශ්වින් අවධාරණය කළේ.

ඊයේ පැවැති තරගයත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ චෙන්නායි අදියර මේ වන විට අවසන් කර ඇති අතර, ඒ අනුව ඔවුන් අහ්මදාබාද් වෙත පිටත්ව යාමට නියමිතව ඇත්තේ ඉදිරි තරග ක්‍රීඩා කිරීම සදහායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...