ආචර්ට IPL තරගාවලියම අහිමි වෙයි

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රීඩක ජොෆ්ර ආචර්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු පසුගිය දිනක ඇගිල්ලක ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර, අනතුරුව මේ වන විට පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇතත්, අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමේ හැකියාවක් ජොෆ්ර ආචර්ට නොමැති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉදිරි සති දෙක තුළ ඔහු ක්‍රිකට් පිටියට එක් වනු ඇති බවටද විශ්වාස කෙරෙනවා.

පසුගිය තරග වාරයේ දී තරග 14කට ක්‍රීඩා කළ ජොෆ්ර ආචර් එහිදී කඩුලු 20ක් බිද හෙලූ අතර, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ද ඔහුට හිමි වුණා.

මීට පෙර රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම සිදු වූ ආබාධයක් හේතුවෙන් බෙන් ස්ටොක්ස්ට ද මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ලියම් ලිවින්ග්ස්ටෝන් ද ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටීමේ අපහසුතා පදනම් කර ගනිමින් මෙවර තරගාවලියෙන් ඉවත් වීමටයි පසුගියදා තීරණය කළේ.

මේ අතර, දකුණු අප්‍රිකානු පිතිකරු රසී වැන් ඩර් ඩුසේන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග එක්වීමට මේ වන විට සූදානමින් පසුවන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...