නටරාජන්ට ඉදිරි IPL තරග අහිමි වන ලකුණු

Date:

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ දණහිසක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

ටී.නටරාජන් මෙවර තරග වාරයේ දී ක්‍රීඩා කළේ තරග 2ක් පමණයි.

ආබාධය හේතුවෙන් ඔහුට බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත වාර්තා කරන ලෙසට උපදෙස් ලැබෙනු ඇති බව සදහන්.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කටයුතු කරනු ඇති බවටයි වාර්තා පලවන්නේ.

මේ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා ද ආබාධයකට ලක්ව සිටි බවත්, මේ වන විට ඔහු සුවය ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...