සිකන්ඩා රාසාගේ පිළිකා අවධානම මග හැරේ

Date:

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක සිකන්ඩා රාසාට සති කිහිපයක් විවේක ගැනීමට උපදෙස් ලැබී තිබෙනවා.

ඒ, .ඔහුගේ ඇට මිදුළු (බෝන් මැරෝ) හි ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන්.

පළමුව ඔහුට පිළිකා තත්ත්වයක් ඇති බවට ද සැක පල කෙරුණු නමුත්, මේ වන විට අණාවරණ වී ඇත්තේ ඔහුට එවැනි අවධානමක් නොමැති බවයි.

පසුගිය දෙවනදා සිකන්ඩා රාසා ශල්‍යකර්මයකට ද ලක් කර තිබූ අතර, ඒ අනුව ඔහුට සම්පූර්ණ සුවය ලැබීම සදහා තවත් සති කිහිපයක් ගත වනු ඇති බවයි වාර්තා වන්නේ.

“අබුඩාබි ටෙස්ට් තරගයේදී (ඇෆ්ඝනිස්තානයට එරෙහි) මගේ දකුණු අතේ වේදනාවක් ඇති වුණා” යනුවෙන් සිකන්ඩා රාසා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කළා.

“අපි මුලින් ප්‍රතිකාර කළේ මාංශ පේශි වේදනාවක් කියලා. ඒත් වේදනාව තව තවත් උග්‍ර වුණා. මට මතකයි මුළු රෑ පුරාම මම ඇහැරලා හිටියා නිදි පෙති ගද්දිත්. මම එහෙමයි ටෙස්ට් තරග ක්‍රීඩා කළේ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...