බංග්ලාදේශය පළමු ඉනිම අත්හිටුවයි – ළහිරු කුමාරට ආබාධයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබා සිටියදීයි.

මුෂ්ෆිකර් රහීම් සිය 23 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 68ක් රැස් කළ අතර, සිය 8 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ලිටොන් දාස් ලකුණු 50කට දැවී ගියා.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ නජ්මුල් හුසේන් ශන්ටො ලකුණු 163ක් සහ නායක මොමිනුල් හක් සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 127ක් ලබා ගත්තා.

ටමිම් ඉක්බාල් ලකුණු 90යි.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත් අතර, ළහිරු කුමාර, සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර අද දිනයේ දී කිසිදු පන්දුවාරයක් නොයැවූ අතර, ඔහු පාදයක ආබාධයකට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...