මාස 5කට පසු මලික්ට පවුල සමග එක්වන්න ක්‍රිකට් ආයතනයෙන් සහනයක්

Date:

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන පාකිස්තාන සංචිතය එළඹෙන 28 වනදා පාකිස්තානයෙන් පිටත්ව යන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මෙම සංචාරයට නම් කර ඇතත්, ෂොයිබ් මලික් පමණක් එළඹෙන 28 වනදා එංගලන්තය බලා පිටත්ව නොයන බවයි පාකිස්තානය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කර ජූලි 24 වනදා සංචිතය සමග එක් වනු ඇති.

පාකිස්තාන සංචිතයේ ක්‍රීඩකයින් දින 14ක කාලයක් ඩර්බිෂෙයාර් හී දී නීරෝධායන ක්‍රියාවලියකට එක් වන බව සදහන්.

කෙසේ වෙතත්, එම කාලයේ දී ඔවුන්ට පුහුණුවීම් කටයුතු සදහා ද එක් වීමට අවසර ලැබී තිබෙනවා.

සත්කාරක රටේ කණ්ඩායමක් සමග පුහුණු තරග පැවැත්වීමට ඇති බාධා හේතුවෙන් පාකිස්තාන සංචිතයේම ක්‍රීඩකයින් අතර පුහුණු තරග එංගලන්ත තරග සංචාරයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව සදහන්.

කොරෝනා වසංගතයත් සමග ඇති වූ තත්ත්වයන් හේතුවෙන් ෂොයිබ් මලික් සිය බිරිද වන ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා සහ දරුවා මාස 5ක පමණ කාලයකින් දැක නොමැති වීම හේතුවෙන් ඔහුට ඉදිරි සති කිහිපය පවුලේ සාමාජිකයින් සමග ගත කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් සහ ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...