පාවා දුන් චෝදනාව ගැන හිටපු ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රශ්න කරනවා – අයි.සී.සී

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවට එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

NewsWire වෙබ් අඩවියට අදහස් දක්වමින් අයි.සී.සී නිළධාරියෙකු සදහන් කර ඇත්තේ අදාළ චෝදනාව පිළිබද විමර්ශනය කිරීමට ප්‍රමාණවත් කරුණු තිබේදැයි සොයා බැලීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩකයින් විසින් නොව නිළධාරීන් පිරිසක් විසින් පාවා දුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා චෝදනා කළා.

කෙසේ වෙතත්, එවකට සිටි තේරීම් කමිටු සභාපතිවරයා වන අරවින්ද ද සිල්වා මහතා ද, එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාර මෙන්ම හිටපු නායක මහේල ජයවර්ධන ද මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...