අහිමි වූ පිය සෙනෙහස සිහි කළ කෝලි

Date:

පියවරුන්ගේ දිනය දා (21) බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් තම පියා සිහි කරමින් විවිධ සටහන් සමාජජාලා මාධ්‍ය තුළ පල කර තිබෙනු දක්නට ලැබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් එලෙස සටහන් තබා ඇති අවස්ථාවේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ ට්විටර් සටහනක් ලෙස සුපිරි පිතිකරු විරාට් කෝලිගේ සටහන හැදින්විය හැකියි.

කෝලිට වයස අවුරුදු 18ක්ව තිබියදී ඔහුට සිය පියා අහිමි වීම හේතුවෙන් මෙම සටහන දෙස වැඩි අවධානයක් යොමු කිරීමට ප්‍රේක්ෂකයින් අමතක කළේ නැහැ.

විරාට් කෝලි සිය පියා සමග ගත කළ මොහොතකට අදාළ ඡායාරූපයක් ඔහු සිය ට්විටර් ගිණුමට එක් කරමින් සදහන් කර සිටියේ සෑම පියෙකුම කායිකව සිටියද නොසිටියද ඔවුන් තම දරුවන් පිටුපස සැමදා සිටින බවයි.

“මෙම පියවරුන්ගේ දිනයේ දී මම ඉල්ලා සිටිනවා ඔබ ඔබේ පියාගෙන් ලැබෙන ආදරයට කෘතඥ වන ලෙස. ජීවිතයේ ඉදිරියට යාම සදහා ඔබ ඔබේම මාර්ගයක් තනා ගන්න. ඔබට කවදාවත් පිටුපස හැරී බැලීමට අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඔවුන් කායිකව අප අතර සිටියත් නැතත්, හැමවේලාවෙම ඔබ දෙස බලා සිටිනවා.”

යනුවෙන් කෝලි සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...