පාකිස්තානයට ලකුණු 11ක ජයක්

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

හරාරේ හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

සියලු පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් ඉනිමට නොලැබුණ ද ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 61කින් නොදැවී ලකුණු 82ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Luke Jongwe සහ Wesley Madhevere කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

ක්‍රෙයිග් අර්වින් ලකුණු 34ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී උස්මාන් කාදීර් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...