පිට පිට ලැබූ පරාජ තුනෙන් පසු හයිදරාබාදය පළමු ජය ලබයි – Match Report

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කළ පළමු තරග තුනම පරාජයට පත් වූ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(21) සිය පළමු ජය වාර්තා කළා.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ඔවුන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙවර තරග වාරය යටතේ පැවැති 14 වන තරගය වූ මෙම තරගය පැවැත්වුණේ චෙන්නායිහී දීයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 120ක් පමණයි.

මයාන්ක් අගාර්වල් සහ ශාරුක් ඛාන් ලකුණු 22 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් ලකුණු 21කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායම තරගයේ ජය තහවුරු කර ගත්තේ පන්දුවාර 18.4ක් අවසානයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 63ක් සහ කේන් විලියම්සන් නොදැවී ලකුණු 16ක් රැස් කළා.

ඩේවිඩ් වෝනර් ලකුණු 37යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...