රසල්ගේ හා කමින්ස්ගේ හයේ වරුසාව අපතේ යවමින් CSK කණ්ඩායමට තියුණු ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වන තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 18ක තියුණු ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

මුම්බායි හි පැවැති තරගය ජය ගැනීම සදහා කොල්කටා කණ්ඩායමට ලකුණු 221ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.

ඔවුන්ගේ ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 31ක් වන විට බිද වැටුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු චෙන්නායි කණ්ඩායම වෙත නතු කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව ඇන්ඩ්‍රි රසල් විසින් සිය සුපුරුදු ප්‍රහාරාත්මක ඉනිම දියත් කළේ කොල්කටා කණ්ඩායමට ද තරගයේ ජය පිළිබද බලාපොරොත්තුවක් එක්කරමින්.

ඔහු පන්දු 22කින් ලකුණු 54ක් ලබා ගත්තේ හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින්.

දිනේෂ් කාර්තික් ලකුණු 40කට දැවී ගියා.

අනතුරුව තරගයේ ජයග්‍රහනය යළිත් චෙන්නායි කණ්ඩායම වෙත දෝලනය වුවද, කොල්කටා කණ්ඩායමේ පැට් කමින්ස් දියත් කළ වේගවත් ඉනිම හමුවේ තරගයේ ජය පිළිබද බලාපොරොත්තු යළි කණ්ඩායම් දෙක දෙසටම දෝලනය වුණා.

ඔහු පන්දු 34කින් ලකුණු 66ක් නොදැවී රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමගින්.

කෙසේ වෙතත්, සිය කණ්ඩායමට ජයග්‍රහනය ගෙන ඒම සදහා එම ඉනිම ප්‍රමාණවත් නොවූයේ අනෙක් අන්තයේ සියලු කඩුලු දැවී යාම හේතුවෙන්.

පන්දු යැවීමේ දී දීපක් චහාර් කඩුලු 4ක් සහ ලුන්ගි එන්ගිඩී කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී රැස් කළ ලකුණු 95න් සවිමත් වෙමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 220ක් ලබා ගත්තා.

පන්දු 60කින් වාර්තා වූ ඩු ප්ලෙසිස්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

රුටුරාජ් ගයික්වඩ් ලකුණු 64ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී, සුනිල් නාරායන් සහ ඇන්ඩ්‍රි රසල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...